හබරාදූවේ රිය අනතුරකින් මව මියගොස් දරු දෙදෙනා තුවාල ලබයි
Friday, 13 November 2020 - 9:37 | Views - 367
හබරාදූව - බෝගහගොඩ - කබරගල මාර්ගයේ දොරපේ ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මව මියගොස් දරු දෙදෙනා තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දොරපේ ප්රදේශයේ සිට බෝගහගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිය පැදවූ මව 31 හැවිරිදි කොටලදෙණිය - පින්නදූව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
තුවාල ලබා ඇත්තේ ඇයගේ පිරිමි දරුවා සහ දියණියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article