මොළයේ ශල්‍යකර්මයෙන් පසු මැරඩෝනා ගෙදර යයි
Friday, 13 November 2020 - 9:33 | Views - 282
මොළයේ සැත්කමකට භාජනය වූ ලොව ජනප‍්‍රියතම සහ විශිෂ්ටතම පාපන්දු ශූරයකු වූ ඩියාගෝ මැරඩෝනා බුවනෝස් අයර්ස් රෝහලින් පිටව යන අවස්ථාව දැක බලා ගැනීමට විශාල මාධ්‍යවේදීන් සහ ක‍්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණ තිබුණි.
 
අදාළ සැත්කමෙන් පසුව තවත් සති කිහිපයක් සිය නිවසේ සිට මැරඩෝනාට ප‍්‍රතිකාර ලබාගත යුතුව තිබේ. මේ වන විට 60 වැනි වියේ පසුවන මැරඩෝනා සිය දියණියන් දෙදෙනා ජීවත්වන නිවස අසල වෙනත් නිවසක සිටිමින් වැඩිදුර ප‍්‍රතිකාර ලැබීමට නියමිතය.
 
1986 දී ආර්ජන්ටිනාවට ලෝක ශූරතාව දිනා දුන් මැරඩෝනාට ඉදිරියේදී මත්පැන් පානය කිරීමද නුසුදුසු බව ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ලියෝපෝල්ඩෝ ලූක් සඳහන් කරයි. තවමත් මැරඩෝනාගේ හිසේ දකුණු පැත්තේ ඇති වෙළුම් පටිය සමග සිටින අතර ඔහු සිය වෛද්‍යවරයා සමග ඡුායාරූපයක් අන්තර්ජාලයට මුදා හැර සිටියේ සැත්කමෙන් පසුව ගත් පළමු ඡුායාරූපය වශයෙනි.
 
‘‘ඩියාගෝ ඔහුගේ ජීවිතයේ දුෂ්කරම කාලය පසුකර ගොස් ඇත. දැන් අවශ්‍ය වන්නේ පවුලේ අය සමග සිටීමයි. ඇත්තටම ඒ සැත්කම ප‍්‍රාතිහාර්යයක්’ යැයි මරඩෝනාගේ නීතිඥ මාටියාස් මෝර්ලා පවසයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top