මොළයේ ශල්‍යකර්මයෙන් පසු මැරඩෝනා ගෙදර යයි
Friday, 13 November 2020 - 9:33 | Views - 283
මොළයේ සැත්කමකට භාජනය වූ ලොව ජනප්‍රියතම සහ විශිෂ්ටතම පාපන්දු ශූරයකු වූ ඩියාගෝ මැරඩෝනා බුවනෝස් අයර්ස් රෝහලින් පිටව යන අවස්ථාව දැක බලා ගැනීමට විශාල මාධ්‍යවේදීන් සහ ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණ තිබුණි.
අදාළ සැත්කමෙන් පසුව තවත් සති කිහිපයක් සිය නිවසේ සිට මැරඩෝනාට ප්‍රතිකාර ලබාගත යුතුව තිබේ. මේ වන විට 60 වැනි වියේ පසුවන මැරඩෝනා සිය දියණියන් දෙදෙනා ජීවත්වන නිවස අසල වෙනත් නිවසක සිටිමින් වැඩිදුර ප්‍රතිකාර ලැබීමට නියමිතය.
1986 දී ආර්ජන්ටිනාවට ලෝක ශූරතාව දිනා දුන් මැරඩෝනාට ඉදිරියේදී මත්පැන් පානය කිරීමද නුසුදුසු බව ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ලියෝපෝල්ඩෝ ලූක් සඳහන් කරයි. තවමත් මැරඩෝනාගේ හිසේ දකුණු පැත්තේ ඇති වෙළුම් පටිය සමග සිටින අතර ඔහු සිය වෛද්‍යවරයා සමග ඡුායාරූපයක් අන්තර්ජාලයට මුදා හැර සිටියේ සැත්කමෙන් පසුව ගත් පළමු ඡුායාරූපය වශයෙනි.
‘‘ඩියාගෝ ඔහුගේ ජීවිතයේ දුෂ්කරම කාලය පසුකර ගොස් ඇත. දැන් අවශ්‍ය වන්නේ පවුලේ අය සමග සිටීමයි. ඇත්තටම ඒ සැත්කම ප්රාතිහාර්යයක්’ යැයි මරඩෝනාගේ නීතිඥ මාටියාස් මෝර්ලා පවසයි.
Share This Article