නිවසක බිත්තියක් කඩා වැටී දරුවකු මරුට
Friday, 13 November 2020 - 9:08 | Views - 561
කිලිනොච්චිය , තොණ්ඩමන්නගර් ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩාවැටීමෙන් අට හැවිරිදි පිරිමි දරුවකු එයට යටවී ඊයේ (12) දහවල් මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.

දිවා ආහාරය ලබාගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර බිත්තියට යටවීමෙන් බරපතල තුවාල ලබා සිටි දරුවා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය , තොණ්ඩමන්නගර් හි පදිංචි නිරෝයන් රුසාන්තන් නැමති කිලිනොච්චිය මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙකි.

දින ගණනක් ඇතිවූ වර් ෂාව හේතුවෙන් තොණ්ඩමන් නගර් ප්‍රදේශයේ ජලය බැසනොගොස් තිබූ අතර එම හේතුවෙන් නිවසෙහි බිත්තිය පුපුරා කඩා වැටී ඇති බවද පොලිසිය පැවසීය

අනතුරත් සමඟ ප්‍රදේශවාසීන් විශාල පරිශ්‍රමයක් දරා දරුවා පිටතට ගෙන රෝහල් ගතකිරීමට පියවරගෙන තිබූ බවත් එ වන විට දරුවා මියගොස් සිටි බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

වසර ගණනාවක් සිට වර් ෂාවක දී  තම ගම්මානයේ ජලය නොබසින බවත් කරච්චි ප්‍රදේශිය සභාවට දැනුම් දී පිළියම් ඉල්ලා සිටියද විසඳුම් නොලැබීම හේතුවෙන් තමන්ට මෙම අවාසනාවන්ත සිදුවීම අත්විදීමට සිදුවූ බව ප්‍රදේශවාසීහු පැවසීය.

මියගිය දරුවාගේ සිරුර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය මහ රෝහලේ සිදුකිරීමට නියමිතව තිබුණි.

කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top