බස්නාහිර පළාතේ නිවාස 17,708 ක් නිරෝධායනයට
Friday, 13 November 2020 - 9:05 | Views - 438
බස්නාහිර පළාතේ පළමු පෙළ, දෙවන පෙළ සහ තුන්වන පෙළ වශයෙන් නිරෝධායනයට ලක් කර ඇති නිවාස සංඛ්‍යාව 17,708 ක් බව පොලීසිය පවසනවා.
අද (13)උදෑසන විකාශය වූ හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ අදාළ පුද්ගලයින් නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන්නේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ද අදාළ ප්‍රදේශ ආශ්‍රිතව යොදවා ඇති බවයි.
Share This Article