ලැගුම්හලක් තුළ කාන්තාවගේ ගෙල සිරකර මරාදැමූ තරුණයා පොලිසියට භාරවෙයි
Friday, 13 November 2020 - 8:47 | Views - 521
පොලොන්නරුව නගරයට ආසන්නයේ පිහිටි සංචාරක ලැගුම්හලක් තුළ ගෙල සිරකර මරා දමා සිටි කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (12 ) හමුවූ බව පොලොන්නරුව පොලිසිය කියයි.
මෙසේ මරාදමා ඇත්තේ නාඋල, පදිංචි 41 හැවිරිදි විවාහක කාන්තාවක බව හෙළිවී ඇත.
මෙම කාන්තාව සහ ඇය සමග අනියම් සබඳතා පැවැත්වූ බව කියන තරුණයකු පෙරදින රාත‍්‍රියේ ලැගුම් හලට පැමිණ එහි කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන ඇති බවත්, පසුව ඔහු මෙම කාන්තාවගේ ගෙල සිරකර ඝාතනය කිරීමෙන් පසුව හෝටලයෙන් පලාගොස් ඊයේ (12) උදේ බකමූණ පොලිසියට භාරවී ඇති බවත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
25 හැවිරිදි තරුණයකු වන සැකකරු බකමූණ, දිග්ගල්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය සඳහන් කළේය.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි පොලොන්නරුව පොලිසියේ මූලස්ථාන පො.ප., ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආලෝක බණ්ඩාර මහතාගේ මෙහෙය වීමෙන් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.
දිවයින
Share This Article