වංචනික ලෙස විවාහයක් සිදුකර නැන්දම්මාගේ සහ බිරිඳගේ ලක්ෂ 20කට විදලා
Friday, 13 November 2020 - 8:43 | Views - 475
වංචනික ලෙස විවාහයක් සිදු කර එම කාන්තාව සහ ඇගේ මව සතු රුපියල් 1994384/60 ක මුදලක් වංචා කළ බව කියන 51 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
 
මොහු හෝමාගම නාවලමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
පයාගල ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ල අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
 පුවත්පතක මංගල දැන්වීමක් පළ කර වංචනික ලෙස ප‍්‍රථම විවාහය සඟවා පැමිණිලිකාරිය විවාහ කරගෙන ඇය සහ ඇගේ මව සතු රුපියල් 1994384/60 ක මුදලක් වංචනික ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික පි‍්‍රයන්ත සහ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top