'ජෝ බයිඩන් යනු පහරදී මරා දැමිය යුතු උමතු සුනඛයෙක්'- කිම් ජොන්ගෙන් ජනපති බයිඩන්ට අතුල් පහරක්
Thursday, 12 November 2020 - 15:50 | Views - 2,597
පසුගිය දිනවල බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබුණේ ලෝක බලවතා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ජනපති සටන දෙසටයි.
 
ජෝ බයිඩින් මේ තරඟයෙන් තියුණු ජයක් අත්පත් කරගත් අතර, ට්‍රම්ප් (හිටපු ජනපතිවරයා) අන්ත පරාජයට පත් වුණා.

කෙසේ වෙතත්, ලෝකයේ බොහෝ බලවතුන් මෙම "සටන" දෙස බලා සිටි බව කවුරුත් දන්න කියන දෙයක්. ඒ අතරින් සුවිශේෂි කෙනෙක් තමා උතුරු කොරියානු නායක කිම් ජොන් කියන්නේ. මීට වසර කිහිපයකට පෙර ට්‍රම්ප්, උතුරු කොරියාවේ සංචාරයක නියැලුණු අතර, එහිදී ට්‍රම්ප් සහ කිම් ජොන් අතර හිතවත්කමක් ගොඩ නැගුණා.
 
පසුව උතුරු කොරියානු නායකයා අතුරුදහන් වුනු අවස්ථාවේදීත් "ට්‍රම්ප්" ට්විටර් පණිවුඩ මඟින් සඳහන් කර තිබුණේ "කිම් ජොන් මිය නොගිය බවත්, ඔහු ආපසු එන එක ගැන විශ්වාසයෙන් පසුවන" බවයි.
 
එමෙන්ම, කිම් ජෝන් මරණයෙන් නැගිට ආ පසුත් ඔහුට සුබ පැතුම් එක් කරන්නට ට්‍රම්ප් අමතක කළේ නැහැ.
 
හොඳයි.. දැන් හදිසියේම උතුරු කොරියානු නායකයා ගැන කතාබහ අලුත් වෙන්නට හේතුව තමයි, ඔහු විසින් ජනපති සටන අවසානයේ කළ ප්‍රකාශය.
 
“ජෝ බයිඩන් යනු පහරදී මරා දැමිය යුතු උමතු සුනඛයෙක්” කියලා, උතුරු කොරියාවේ ඒකාධිපතිවරයා බොහෝම දරුණු ප්‍රකාශයක් කරලා තියෙනවා.
 
ඒ වගේම තමයි තමන්ගේ හිත මිත්‍ර ට්‍රම්ප් පරාජයට පත් වීම ගැන ඔහු සිය ශෝකය හා කණගාටුව ප්‍රකාශ කර ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.
 
කෙසේ වෙතත්, විද්වතුන් නම් කියන්නේ කිම් ජොන් මේ අලකලංචි අස්සේ, තවත් න්‍යෂ්ඨික අත්හදා බැලීමකට මාන බලන බවයි. ඔවුන් කියන්නේ, ට්‍රම්ප්ට දැක්වූ කිම් ජොන්ගේ හිතවත්කම් බයිඩින්ට, නොලැබෙනු ඇති බවයි.
 
මේකට ලොකු ම හේතුව වුණේ ට්‍රම්ප් සහ බයිඩින් අතර විවාදයකදී, ජෝ බයිඩින් කළ ප්‍රකාශයක්.
 
එහිදී ඔහු කියලා තිබුණේ "කිම් ජෝන් කියන්නේ මැරවරයෙක් වගේම හිට්ලර් පන්නයේ ඒකාධිපතියෙක්" කියලයි.
 
මෙන්න මේක තමයි කිම් ජොන්ට තරහා යන්න වුනු එකම හේතුව. කොහොම වුණත් කිම් ජොන්, ඇමරිකානු ජනපති සටන ගැන විශේෂ කතාවක් නම් පවත්වලා නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top