ලෝකයේම අවධානය ඉතාමත්ම කෙටි කාලයක් තුළදී තම ග්‍රහණයට ගැනීමට සමත් වූ විනෝදාත්මක මෙන්ම අපුරු චරිතයක් තමයි Mr Bean කියන්නේ.
සැබෑ නමින් ඔහු Rowan Atkinson නම් වන අතර තම රංගන කුසලතාවය මෙන්ම මනා ලෙස හාස්‍ය උත්පාදන හැකියාව නිසාම ලොව වටා ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් මෙන්ම ආදරයක් දිනා ගැනීමට ඔහු සමත් වුවා.
මේ වන විට වසර 65 වියෙහි පසු වන ඔහු 1990 වර්ෂයේ ජනවාරි මාසයේදී Mr Bean ලෙසට තම ප්‍රථම කතාමාලාව ඉදිරිපත් කල අතර කෙටි කාලයක් තුළදී ලෝකය පුරාම ප්‍රචලිත වුණ මෙම අපුරු වැඩසටහන කොටස් 15 කින් අන්තර්ගත වුණා.
මේ වන විට වසර 30 ක් ඉපැරණි මෙම අපුරු Mr Bean චරිතය තවමත් ලොව පුරා රසික හදවත් තුල නොමැකෙන අපුරු චරිතයක් බවට පත්ව තිබෙනවා.