දිස්ත්‍රික් මට්ටමින් විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ඇරඹේ
Thursday, 12 November 2020 - 14:12 | Views - 572
දිස්ත්‍රික් මට්ටමින් නව විශ්වවිද්‍යාල 10ක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
ඒ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී අවදානය යොමු වුණේ දැනට උසස් අධ්‍යාපන ආයතන පිහිටා නොමැති දිස්ත්‍රික්ක තෝරාගෙන නව විශ්වවිද්‍යාල පිහිටුවීමටයි.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන අදාළ ඉදිකිරීම් හැකි ඉකිමනින් ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.
Share This Article