කොරෝනා වියදම මිලියන 70,000ක්
Thursday, 12 November 2020 - 14:03 | Views - 868
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා මේ දක්වා රුපියල් මිලියන 70,000ක මුදලක් වියදම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සිදුකරමින්.
මේ වසරේ, විෂය ක්ෂේත්‍රයන්ට අදාළව රජය සිදුකළ වියදම් පිළිබඳ සවිස්තර වාර්තාවක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අතර, ඊට අදාළ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
විවාදයෙන් අනතුරුව අද පස්වරු 5ට ඡන්ද විමසීමක් සහිතව හෝ රහිතව මෙම වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.
පවතින කොරෝනා ව්‍යාප්තිය සලකා මෙම විවාදය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු කිසිවෙකුට අද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබාදී තිබුණේ නැහැ.
Share This Article