සංචාරක ලැඟුම්හළක් තුළ කාන්තාවකගේ ගෙළ සිර කර මරා දමලා
Thursday, 12 November 2020 - 13:00 | Views - 2,330
පොලොන්නරුව නගරයට ආසන්නයේ පිහිටි සංචාරක ලැගුම්හළක් තුල ගෙල සිරකර මරා දමා සිටි කාන්තාවකගේ මළ සිරුරක් අද(12) හමුවූ බව පොලොන්නරුව පොලීසිය කියයි.
මෙසේ මරාදමා ඇත්තේ නාඋල,ලෙනදොර,සේරුදණ්ඩාපොල පදිංචි එම්-එම්-කමලා රංජනී නමැති 41 හැවිරිදි විවාහක කාන්තාවක බව හෙළිවී ඇත.

මෙම කාන්තාව අනියම් සබඳතා පැවැත්වූ බව කියන තරුණයෙකු  සමඟ පෙරදින රාත්‍රියේ ලැගුම් හලට පැමිණ එහි කාමරයක් කුලියට ගෙන නාවාතැන් ගෙන ඇති බවත් පසුව ඔහු මෙම කාන්තාව ගෙල සිරකර ඝාතනය කිරීමෙන් පසුව හෝටලයෙන් පලාගොස් අද උදේ  බකමූණ පොලීසියට බාරවී ඇති බවත් පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී තිබේ.

25 හැවිරිදි තරුණයෙකු වන සැකකරු බකමූණ,දිග්ගල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය සඳහන් කලේය.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි  පොලොන්නරුව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක,ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආලෝක බණ්ඩාර මහතාගේ මෙහෙයැවීමෙන්  මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top