කොරෝනා නිසා විදේශගත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු මරුට
Thursday, 12 November 2020 - 10:49 | Views - 412
විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.
එහි කොවිඩ් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් කන්දීපන් බාලා සඳහන් කළේ ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් සෞදි අරාබියෙන් වාර්තා වන බවයි.
එරට සිටි ලාංකිකයන් 34 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, කුවේටයේ මිය ගොස් ඇති ලාංකිකයන් සංඛ්‍යාව 21ක්.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දස දෙනෙකු, කටාර් රාජ්‍යයේ 6 දෙනෙකු, ඕමානයේ 4 දෙනෙකු, බහාරේනයේ සහ ජෝර්දානයේ දෙදෙනෙකු බැගින් සහ ඊශ්‍රාලයේදී එක් ලාංකිකයෙකු කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එමෙන්ම, බි්‍රතාන්‍යයේ මරණ 5ක්, ඇමරිකාවේ සහ කැනඩාවේ මරණ 4 බැගින් හා ජර්මනියේ සහ ඉතාලියෙන් මරණ දෙක බැගින් වාර්තා වී ඇති අතර, ඉරාකයෙන් ද එක් මරණයක් වාර්තා වී ඇති බවයි විදේශ අමාත්‍යාංශය සදහන් කළේ.
Share This Article