අපිට අවශ්‍ය වුණේ ජයග‍්‍රහණය කිරීම පුරුද්දක් කර ගැනීමයි- නායක රෝහිත් ෂර්මා
Thursday, 12 November 2020 - 9:35 | Views - 369
රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් සහ මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුත්  සුසංයෝගය 13 වැනි අයි.පී.එල්. ශූරතාවයේ සින්නක්කර අයිතිය ඩුබායි හිදී සියතට ගනිද්දී ශ‍්‍රියාස් අයියර්ගේ නායකත්වයෙන් යුත් දිල්ලි කැපිටල් පිලට කඩුලූ පහක පරාජයක් සමග අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
 
 අයි.පී.එල්. ශූරතාව පස්වැනි වරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දිනා ගනු ලැබුවේ රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් වීමද විශේෂත්වයකි. එම ශූරතා පහෙන් තුනක් මුම්බායි කණ්ඩායමට දිනා දීමට ගුරුහරුකම් මෙන්ම සැලසුම් සකස් කිරීමේ තිරය පිටුපස වීරයා වූයේ මහේල ජයවර්ධනයි.
 
 2017 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වූ මහේල ජයවර්ධන ලොව හොඳම ක‍්‍රිකට් පුහුණුකරුවකු බවට යළිත් ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය පළමු අයි.පී.එල්. ශූරතාව 2013 වසරේදී දිනා ගත් අතර අනතුරුව 2015, 2017, 2019 සහ 2020 වසරේදීද ශූරයෝ වූහ.
 
 ‘තරගාවලිය පුරා අපි ගත කළ ආකාරය ඉතාමත් සතුටුයි. ආරම්භයේ සිටම අපි කිව්වෙ ජයග‍්‍රහණය කිරීම පුරුද්දක් කර ගැනීමට අපිට අවශ්‍ය බවයි. අපේ කණ්ඩායමට ශක්තිය දුන් තිරය පිටුපස සියලූ දෙනාට විශාල ගෞරවයක් ලබා දිය යුතුයි. අපි අයි.පී.එල්. වැඩ පටන් ගන්නේ බොහෝ කාලයකට ඉස්සරවෙලා. අපි ගොඩක් දේවල් විශ්ලේෂණය කරනවා. මම යමෙකුගේ පිටුපසින් පොල්ලක් අරන් දුවන කෙනෙක් නෙමෙයි. ඔහුට කළ හැකි දේ කිරීමට අවශ්‍ය විශ්වාස ලබාදෙන කෙනෙක්.’ යැයි රෝහිත් ෂර්මා තරගයෙන් පසුව පැවසීය.
 
 දහ තුන් වැනි අයි.පී.එල්. ශූරතාවයේ සින්නක්කර අයිතිය වෙනුවෙන් වැදගත් සාධකයක් වූ කාසියේ වාසිය දිල්ලි කැපිටල් නායක ශ‍්‍රියාස් අයියර් විසින් දිනා ගනිමින් පළමුව පිති ප‍්‍රහාරය තෝරා ගත්තේය. පළමු පන්දුවෙන් මාකොස් ස්ටොනිස්ව දවා ගත් ටෙ‍්‍රන්ට් බෝල්ට් මුම්බායි ඉන්දියන්ස් බලාපොරොත්තු ආරම්භයේදීම ඔප දැමීමට සමත්විය. අවසානයේදී දිල්ලි පිලේ කඩුලූ තුනක්ම ඩැහැගත් බෝල්ට් අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.
 
 ලකුණු 22 ක් තුළ දිල්ලි පළමු පිතිකරුවන් තිදෙනාම කී‍්‍රඩාගාරයට ගොස් තිබියදී සිය කණ්ඩායම ඔසවා තැබීමේ වගකීම කරටත් ගත් නායක අයියර් පන්දු 50 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 65 ක් ලබා ගත්තේය. ඔහු රිෂාබ් පාන්ට් සමග එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 96 ක සබඳතාවක් පැවැත්වීමටද සමත් විය. එහිදී පාන්ට් පන්දු 38 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමග ලකුණු 56 ක් ලබා ගත්තේය.
 
 ලකුණු 157 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු අටක් සහ කඩුලූ පහක් ඉතිරිව තිබියදී ජයග‍්‍රාහී කඩ ඉම පසුකර ගියේය. ආරම්භක කඩුල්ලට රෝහිත් ෂර්මා සහ ක්යින්ටන් ඞී කොක් පන්දු 25 කදී ලකුණු 44 ක් එක් කිරීමට සමත් විය. ෂර්මා පන්දු 51 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් සමග ලකුණු 68 ක් ලබා ගත්තේය. අංක තුන පිතිකරුවා ඉෂාන් කිෂාන් පන්දු 19 කදී හයේ පහර සහ හතරේ පහර තුනක් සමග නොදැවී ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් විය.
 
 මෙවර අයි.පී.එල්. තරගාවලියේදී කැපී පෙනෙනම පිතිකරුවා බවට පත්වූ කිංග්ස් පන්ජාබ් කණ්ඩායමේ නායක ලොකේෂ් රාහුල් තරග 14 කදී ශතකයක් සහ අර්ධ ශතක පහක් සමග ලකුණු 670 ක් ලබා ගත්තේය. ඔහුට පිටුපසින් සිටින දිල්ලි කැපිටල් කණ්ඩායමේ ෂිකර් ධවාන් තරග 17 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතරක් සමග ලකුණු 618 ක් ලබා ගැනීමට සමත් විය. අවසන් මහා තරගයේදී ඔහුගේ කඩුල්ල වේලාසන දැවී
 
 නොගියානම් තරගයේ ප‍්‍රතිඵලයද වෙනස් වීමට ඉඩ තිබුණි. මීට අමතරව ඬේවිඩ් වෝනර් (548), ශ‍්‍රියාස් අයියර් (519), ඉෂාන් කිෂාන් (516) සහ ක්යින්ටන් ඞී කොක් (503) ලකුණු 500සීමාව පසුකර යෑමට සමත් විය.
 
 තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා වූ කාගිෂෝ රබාඩා තරග 17කදී කඩුලූ 30 ක් දවා ගනිමින් සමස්ත තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීය. රබාඩා සමස්ත තරගාවලියේදී යවන ලද පන්දු ඕවර 65.4 කදී එක් නිලකුණු ඕවරයක් සමග ලකුණු 548 ක් ලබා දී තිබුණි. ඔහුගේ හොඳම පන්දු යැවීමට ලකුණු 24 කට කඩුලූ හතරක් වශයෙන් සටහන් වෙද්දී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 18.26 ක් වශයෙන් සටහන් විය. පන්දු යවන්නන් අතරින් දෙවැනි තැනට පත්වු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ජස්ප‍්‍රිට් බුම්රා තරග 15 කදී කඩුලූ 27 ක්ද ටෙ‍්‍රන්ට් බෝල්ට් කඩුලූ 25 ක්ද දවා ගත්තේය.

mum666
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top