සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් කාර්ය සාධන කමිටුව රැස්වෙයි
Thursday, 12 November 2020 - 9:00 | Views - 369
කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව ඊයේ (11) රැස්වුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති එම රැස්වීමේදී කොරෝනා රෝගීන්, රෝගී තත්වයන් අනුව වෙන් වෙන්ව රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් නව රෝහල් හඳුනාගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම කොරෝනා රෝගී ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන අතරතුර දෛනිකව රෝහල් ගතවන අනෙකුත් රෝගීන් සඳහාද ප්‍රතිකාර සේවා ශක්තිමත්ව පවත්වාගෙන යාම මෙන්ම රෝගීන්ගේ හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ගැටළු හඳුනාගනිමින් ඔවුන්ගේ මානසික තත්වය ඉහළ නැංවීමට වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top