දිවයිනම ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන්නැයි ජනපතිගෙන් උපදෙස්
Thursday, 12 November 2020 - 8:27 | Views - 473
දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු, මධ්‍යම සහ ඉහළ ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට දැනුම් දුන්නා.

නව තාක්ෂණය සහ ක්‍රමවේද උපයෝගී කරගනිමින් නිර්මාණශීලී ලෙස සහ පරිසරය සුරකින අයුරින් ඉදිකිරීම් කටයුතු කඩිනම් කළ යුතු බවටයි උපදෙස් දී ඇත්තේ.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නිරත ආයතන 10 ක නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඉදිරි තුන් වසර තුළ මධ්‍යම පාන්තිකයින් උදෙසා ඉදිකිරීමට අපේක්ෂිත නිවාස 15,000 ක්.

අඩු සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන්ගේද ඉල්ලුම සැපයෙන පරිදි සිව් වසරකදී නිවාස ඒකක 36,884ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරනවා.

පෑලියගොඩ, කොළොන්නාව, බ්ලූමැන්ඩල්, කොට්ටාව - මාකුඹුර, කොට්ටාව - පළතුරුවත්ත, බොරලැස්ගමුව ආදී නගර කේන්ද්‍ර කරගනිමින් මෙහි පළමු අදියරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඊට අමතරව මාළඹේ, මහනුවර - ගැටඹේ සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කරගනිමින්ද මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණදෙමින් නොනැවතී සියලු ක්‍රියාකාරකම් උපරිමයෙන් කරගෙන යාමේ අවශ්‍යතාවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී පෙන්වා දුන්නා.

සියලු වැඩබිම් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ක්‍රියාත්මක කළ යුතු බවටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top