මේ වසරේ ආදායම් - වියදම් අද පාර්ලිමේන්තුවට
Thursday, 12 November 2020 - 8:17 | Views - 300
මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් රජයේ ආදායම්  සහ වියදම් සිදුවූ ආකාරය ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව හමුවේ අද (12) පැහැදිලි කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව හමුවට අද ඉදිරිපත් කෙරෙන විසර්ජන පනත් කෙටුම්පත පිළිබද දෙවන වර සහ තෙවන වර කියවීම්වලට අදාළව විවාදය පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිතයි.

එහෙත් පාර්ලිමේන්තු ආවරණ කටයුතු නැවත දැනුම් දෙන තුරු මාධ්‍යයට විවෘත කර නැහැ.

බොහෝදුරට ඡන්ද විමසීමකින් තොරව මෙම අයවැය ලේඛනය සම්මත වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ලබන වර්ෂය සඳහා වන අයවැය විවාදය දින 20කට සීමා කිරීමට ඊයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණා.

ඒ අනුව සාමාන්‍යයෙන් අයවැය විවාදය පැවැත්වෙන කාලය සතියකින් අඩු කර තිබෙනවා.

එසේම එළඹෙන 17 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ලබන වසර සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top