තහනම නොතකා බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට
Thursday, 12 November 2020 - 8:15 | Views - 626
බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර තිබියදී එහි සිට පිට පළාත්වලට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රැස් කර ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කරන ලෙස පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මෙම තහනම ක්‍රියාත්මක වන කාලය තුළ කිසියම් පුද්ගලයෙකු බස්නාහිර පළාතට පැමිණියහොත් ඔවුන්ට ඉන් පිටවිය හැක්කේ එළඹෙන 15 වන දායින් පසුව බවයි ඔහු කියා සිටියේ.
මේ අතර, මෙම තහනමත් සමඟ හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය දැඩි කලබලකාරී ස්වභාවයක් ගෙන ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා.
Share This Article