සහරාන්ගේ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාරයට
Wednesday, 11 November 2020 - 15:35 | Views - 351
පාස්කු ප්රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා ඇතුලු සැකකරුවන් හයදෙනා මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඊට අදාළ නඩුව කොළඹ - කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ හමුවේ අද (11) කැඳවූ අවස්ථාවේදියි.
එහිදී මහේස්ත්රාත්වරයා සැකකරුවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂනය කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
Share This Article