බෝගම්බර බන්ධනාගාරයේ තවත් 23කුත් ආසාදිතයන් වෙයි
Wednesday, 11 November 2020 - 12:54 | Views - 293
බෝගම්බර බන්ධනාගාරයෙන්ද ඊයේ ආසාදිතයන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, කුරුවිට බන්ධනාගාරයෙන්ද ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාරවලින් වාර්තාවන ආසාදිත සංඛ්‍යාව 120 ඉක්මවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුලු එම දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහ සෞඛ්‍ය අංශවල සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.

මේ අතර හොරණ - බොඩිලයින් ඇඟළුම් කර්මාන්තශාලාවෙන් හඳුනාගත් ආසාදිතයන් 43 දෙනෙකු ඊයේ එම ආයතනයට අනුබද්ධ කොග්ගල පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගනු ලැබුවා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබුවද නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ ආයු කාලය වසර 10 කින් අඩුවන බවට සිදුකර ඇති නවතම අධ්‍යයනයකින් අනාවරණ වී ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top