කොළඹ ලක්ෂ 6ක පුද්ගලයන් අතරින් 30,000ක් කොරෝනා ආසාදිතයන් විය හැකියි
Wednesday, 11 November 2020 - 12:30 | Views - 720
කොළඹ නගර සභා බලප්‍රදේශයේ සිටින ලක්ෂ 6ක් පමණ වන ජනතාව අතරින් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 30000 ක් පමණ විය හැකි බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණ 400ක් අතරින් 19 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව එය ආසන්න වශයෙන් සියයට 5ක පමණ ප්‍රතිශතයක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

එම තොරතුරු අනුව සිදුකළ සැසඳීම්වලට අනුව 30000ක පමණ ආසාදිතයන් වෛරසය සමග ඔබමොබ සැරිසරන බවට අනුමාන කළ හැකි බවයි.

කෙසේ වෙතත් ඔවුන් සියලුදෙනාගේ වෛරසයේ සිරුරේ තිබුනද ඔවුන් හරහා වෛරසය පැතිරීමක් සිදුවන බවට උපකල්පනය කළ නොහැකි බවද කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top