කොළඹ කොටුව පොලීසියේ තවත් 82කට කොරෝනා
Wednesday, 11 November 2020 - 12:08 | Views - 325
ඊයේ හඳුනා ගත් කොරෝනා ආසාදිත 430 දෙනා අතර, කොළඹ - කොටුව පොලීසියේ නිලධාරීන් අසූ දෙදෙනෙකු ද සිටින බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
ඊට අමතරව පොලිස් මූලස්ථානයේ සේවය කරන නිලධාරීන් 6 දෙනෙකු, පොලිස් ක්‍රීඩා අංශයේ, විශේෂ විමර්ශන ඒකකයේ සහ කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරියෙකු බැගින් සිටින බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.
ඊට අමතරව ඊයේ හඳුනා ගත් කොරෝනා රෝගීන් අතරට බෝගම්බර බන්ධනාගාරයේ 23 දෙනෙකු සහ කුරුවිට බන්ධනාගාරයේ එක් අයෙකු ද සිටිනවා.
වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඊයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයා ගැනුණු අතර එම සංඛ්‍යාව 251ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18 දෙනෙකු වාර්තා වී ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකු හමුවුණා.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය වන්නේ කොල්ලුපිටිය වන අතර, හමුව ඇති රෝගීන් සංඛ්‍යාව 55ක්.
Share This Article