ආරක්ෂිත දැල ඉවත් කොට පාර්ලිමේන්තු කලාපයට ඇතුලුවීමට උත්සාහ දැරූ අයෙකු අතුරුදන්
Wednesday, 11 November 2020 - 11:19 | Views - 766
බත්තරමුල්ල - දියවන්නාඔයේ පොල්දූව පාලම අසළින් ආරක්ෂිත දැල ඉවත් කොට පාර්ලිමේන්තු කලාපයට ඇතුලුවීමට උත්සාහ දැරූ ඔරුවක්, ආරක්ෂක අංශවල බෝට්ටුවක ගැටී එක් අයෙකු අතුරුදන් වී තිබෙනවා.
ඔහු සෙවීම සඳහා මේ වන විටත් පොලීසිය සහ කිමිදුම්කරුවන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වැලිකඩ පොලීසිය සඳහන් කළේ.
අතුරුදන් වූ පුද්ගලයා සහ තවත් අයෙකු දියවන්නා ඔයේ මසුන් මැරීම සඳහා අදාළ ඔරුවේ නැගී පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බුත්ගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු වන අතර, ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Share This Article