සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් මාර්ගෝපදේශන මාලාවක්
Wednesday, 11 November 2020 - 11:05 | Views - 344
කොරෝනා වසංගතය හමුවේ හුදෙකලා කළ ප්‍රදේශවල මෙන්ම නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කර ඇති ආසාදිතයින් බැහැර කරන සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.
විශේෂයෙන් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වෙනත් වාහන හා සේවකයින් යොදවන ලෙස පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබාදී ඇති අතර, කොවිඩ් ආසාදිතයින් භාවිතා කරන මුඛ වැසුම් සහ අත්වැසුම් කහ පැහැති බෑගයකට දමා වෙන් කළ යුතු වනවා.
ප්‍රතිචක්‍රීකරණය සඳහා නොගන්නා එම අපද්‍රව්‍ය විධිමත් පරිදි විනාශ කිරීමට පියවර ගත යුතු බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ.
එසේම, ජනතාව විසින් භාවිතා කරන මුව ආවරණ සහ අත්වැසුම් යනාදිය බැහැර කිරීමට ප්‍රථම හොදින් සෝදා වේලා ගැනීමෙන් පසු බැහැර කළ යුතු බව ද අදාළ මාර්ගෝපදේශන මාලාවෙන් දක්වා තිබෙනවා.
Share This Article