අලූත උපන් දරුවා බැලීමට ගිය පියා යතුරුපැදි අනතුරෙන් මරුට
Wednesday, 11 November 2020 - 8:50 | Views - 2,865
තමාගේ අලූත උපන් දරුවා බැලීමට රෝහලට යමින් සිටියදී රිය අනතුරකට ලක්වී පුද්ගලයකු මිය යෑමේ ශෝකජනක පුවතක් වෙල්ලාවෙලි, තික්කෝඩයි ප්රදේශයෙන් වාර්තා වේ. මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇත්තේ පුවනසිංගම් සුවේකාන්තන් නමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.
එම තැනැත්තා පෙරේදා (09 ) අලූයම මඩකලපුව ශික්ෂණ රෝහලේ උපන් තම දරුවා බැලීම සඳහා තම යතුරුපැදියෙන් යමින් සිටියදී විරුද්ධ පැත්තෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් බරපතළ තුවාල ලබා ඇත.
පසුව ඔහුව කලවංචිකුඩි රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මූලික ප්රතිකාර ලබාදී වැඩිදුර ප්රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලටත් පසුව කල්මුණේ මූලික රෝහලටත් ප්රතිකාර සඳහා යවා ඇති අතර එහිදී ඊයේ (10 ) ඔහු මරුමුවට පත්ව තිබේ.
සිද්ධිය පිළිබඳ වෙල්ලාවෙලි පොලිසිය පරීක්ෂණ පවත්වයි
Share This Article