කොවිඩ් ණය සහන ගෙවීමට සහන කාලය දිගු කරයි
Tuesday, 10 November 2020 - 15:32 | Views - 1,712
පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය යළි නගා සිටුවීමේ අරමුණෙන් රජය ලබාදුන් සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය ගෙවීම සඳහා තවත් සහන කාලයක් ලබාදී තිබෙනවා.
ඒ අනුව එම සහන කාලය මාස 9 දක්වා දීර්ඝ කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
සියයට 4ක පොලී අනුපාතයක් යටතේ මාස 6ක සහන කාලයක් ද සහිතව මාස 24කින් ගෙවීම සඳහා මෙම ණය මුදල් ලබාදී තිබුණා.
ව්‍යාපාර 61,907ක් වෙනුවෙන් එලෙස ලබාදී තිබූ ණය පහසුකම්වල වටිනාකම රුපියල් බිලියන 177.9කට අධිකයි.
Share This Article