කොවිඩ්වලට එරෙහි එන්නත අවසන් අදියරයේ
Tuesday, 10 November 2020 - 14:20 | Views - 1,010

කොවිඩ්-19 වෛසරයට එරෙහිව නිපදවා ඇති එන්නතෙහි මාත්‍රා මිලියන 50ක් මේ වසර අවසානය වනවිට සැපයිය හැකි බව එම එන්නත නිපද වූ ඇමරිකානු සහ ජර්මානු සමාගම පවසනවා.

එමෙන්ම, 2021 වසර අවසාන වන විට එන්නතෙහි මාත්‍රා බිලියන 1.3ක් සැපයීම අදාළ සමාගමේ අපේක්ෂාව බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

ඇමරිකානු ඖෂධ සමාගමක් වන ෆයිසර් සහ ජර්මනියේ බයෝ ඇන්ඩ් ටෙක් සමාගම එක්ව නිෂ්පාදනය කර ඇති මෙම එන්නත සාර්ථක අදියරට පැමිණ ඇති බව එම සමාගම් ඊයේ නිවේදනය කළා.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් සිය ගණනක් පමණ අත්හදා බැලෙන අතර, මෙතෙක් අවසන් අදියර සඳහා ළඟාවී ඇත්තේ එන්නත් හයක් පමණයි.

මුලින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත පිළිබඳව වැඩි බලාපොරොත්තු තැබූ නමුත් ෆයිසර් සහ බයෝ ඇන්ඩ් ටෙක් සමාගම් එක්ව නිපදවූ එන්නත කෙරෙහි දැන් වැඩි අවධානය යොමුවී තිබෙනවා.

මෙය ඇමරිකාව, ජර්මනිය, බ්‍රසීලය, ආජන්ටිනාව, දකුණු අප්‍රිකාව සහ තුර්කිය යන රටවල්වල පුද්ගලයින් 43,500ක් සම්බන්ධ කර ගනිමින් අත්හදා බලනු ලැබුවා.

කොවිඩ් වෛරසයේ ජානමය කේතයේ කොටසක් හරහා දුර්වල වෛරසයක් නිර්මාණය කිරීම මෙම එන්නත මගින් සිදුවනවා.

එය එන්නත් කිරීම මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වන බවයි එන්නත නිපද වූ සමාගම පවසන්නේ.

සති 3ක අතරමැදි විරාමයක් අවශ්‍ය මාත්‍රා දෙකක් ලෙස මෙම එන්නත ලබාදෙන අතර, එහි දෙවන මාත්‍රාව ලබාදී දින 7ක් ගතවීමෙන් පසු සියයට 90ක තරම් ආරක්ෂාවක් ලබා ගත හැකි බව පර්යේෂණවලදී අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ සමාගම් සැලසුම් කර ඇත්තේ මෙම මස අවසානයේ එන්නත භාවිතය සඳහා හදිසි අනුමැතියකට අයදුම් කිරීමටයි.  

වසන්ත ඍතුව පැමිණෙන විට ජන ජීවිතය යථා තත්ත්වයට පත්වන බවට විශ්වාසයක් පවතින්නේ දැයි  බී.බී.සී. ගුවන් විදුලියේ නිවේදිකාවක් බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් බෙල්ගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කර ඇත්තේ එලෙස විශ්වාසයක් පවතින අතර, බොහෝවිට එය පැවසූ පළමු පුද්ගලයා තමා විය හැකි බවයි.

එමෙන්ම, තමාට ඒ පිළිබඳ දැඩි විශ්වාසයක් පවතින බව ද මහාචාර්ය ජෝන් බෙල් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියේසස් නව එන්නත පිළිබදව ට්විටර් පණිවුඩයක් ද එක් කර තිබුණා.

එහි දැක්වෙන්නේ “එන්නත නිපද වූ සමාගම් ලබාදුන් දිරි ගන්වන ප්‍රවෘත්තිය අපි සාදරයෙන් පිළිගන්නා බවයි.

ලෝකය මේ වන විට වසංගතය අවසන් කිරීම සඳහා පෙර නොවූ විරූ විද්‍යාත්මක නාවෝත්පාදන සහ සහයෝගීතාව අත්විදිමින් සිටින බව” ද ඔහු ට්විටර් පණිවුඩයේ සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම එන්නත සෙල්සියස් අංශක ඍණ 80ක උෂ්ණත්වයක ගබඩා කළ යුතු බැවින් එය රටවල් අතර බෙදා හැරීමේදී සහ ගබඩා කිරීමේදී අභියෝගයක් විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top