තව්හිද් ජමාත් කියූ කොරෝනා මරණ ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
Tuesday, 10 November 2020 - 14:04 | Views - 719
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබාදීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ බව කියා සිටියේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබාදුන් බවට සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ලිපි ශීර්ෂය යටතේ එහි මහලේකම් අබ්දුල් රාසික්ගේ අත්සනින් ඉදිරිපත්ව ඇති මෙම ලිපියේ සදහන් වන්නේ නව කොරෝනා වෛරසය ආසාදනවීමෙන් මරණයට පත්වන මුස්ලිම් මෘත දේහ භූමදානය කිරීමට රජය අවසර ලබාදී ඇති බවයි.

මෙම තීරණයට රජයට ස්තූතිය පළ කරන බව ද එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

අදාළ ලිපිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී අධිකරණ අමාත්‍ය අල් සබ්රි විසින් මෙම කාරණය සම්බන්ධයෙන් කරුණු දැක්වූ බවයි.

කෙසේ වෙතත්, එවැන්නක් කැබිනට් තීරණයක් ලෙස ප්‍රකාශයට පත් නොවන අතර එය සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශයට පත් කළ යුතු කාරණයක් බවයි ඔහු කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top