පෙම්සුව විඳින්න ආ අනියම් සැමියාට ගවමඩුවේම නින්ද ගිහින්
Tuesday, 10 November 2020 - 13:34 | Views - 8,310
තහනම් ගහේ ගෙඩි කන්නට ගොස් අනූනවයෙන් දිවි බේරාගත් තරුණයකු පිළිබඳව දකුණේ ගමකින් වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

එක්තරා ගමක සිටි තරුණ යුවළකි. තරුණයා ආරක්‍ෂක අංශයක මුරකරුවකු ලෙස සේවය කළ අතර තරුණිය තරමක හැඩකාර එකියක් වූවාය.

තරුණයා රැකියාවට අමතරව ගව පාලනය ද කළේය. ගෙදර වත්තේම ගව මඩුවක් සාදා එහි පිදුරු දමා ගවයන් දෙදෙනා රෑට බැඳ තිබූ අතර දහවල් කාලයට පුරන් කුඹුරක හෝ පිට්ටනියක බැඳ දැමුවේය.  මේ අතර අසල ගමේ තරමක් හැඩකාර තරුණයකු සමග මොහුගේ තරුණ බිරිඳ හාදකමක් ඇති කරගත්තේය.

ස්වාමියා රාත්‍රී වැඩමුරය කරන සතියේදී අනියම් පෙම්වතා නිවසට හොර රහසේ ඇතුළු වීම පුරුද්දක් ලෙස කරගෙන ගියේය.  මේ අන්දමින් දිනක් අනියම් සැමියාට ලද පණිවුඩය මත ඔහු මෙම නිවසට යාමට පැමිණියේය. එහෙත් දුර සිටම ඔහු දුටුවේ ස්වාමියා එදින ගෙදර සිටින අයුරකි. මේ නිසා අනියම් සැමියා අසල ගසකට මුවා වී කල් ගෙවූයේ ඔහු වැඩමුරය සඳහා පිටත්ව යතැයි බලාපොරොත්තුවෙනි.

එහෙත් ඔහු එදින හදිසියේම නිවාඩුවක් ලබාගෙන තිබුණ අතර බිරිඳ ද ඒ බව දැනගත්තේ එදින හැන්දෑවේය. මේ නිසා මේ බැව් අනියම් සැමියාට දැන්වීමට ඇයට ඉඩක් තිබුණේ නැත. අනියම් සැමියා ගසට මුවා වී සිටියදී එක වරම වැස්සක් කඩා වැටුණ අතර ඔහු කළේ අසල ගව මඩුවට රිංගාගෙන වැස්සෙන් බේරීමය. මෙහි වූ පිදුරු ගොඩක් මත වාඩි වී සිටි අනියම් සැමියාට නින්ද ගියේය.

පසු දින පාන්දරම අවදි වූ සැමියා ගව මඩුව දෙසට පියමැන්නේ ගවයන් දෙදෙනා තණ කෑමට රැගෙන යාමටය. එක වරම ගව මඩුවේ කවුදෝ සිටිනු දුටු ඔහු ‘මෙන්න හොරෙක්’ කියා කෑගැසුවේ ගමටම ඇසෙන්නටය.  බියපත්ව නින්දෙන් අවදි වූ තරුණයා හිස හැරුණු අත දිව ගොස් දිවි බේරා ගත්තේය.

(ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර)
ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top