මැනිං වෙළඳපලේ නාට්ටාමිවරුන් 67කට කොරෝනා
Tuesday, 10 November 2020 - 13:18 | Views - 542

ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් 193 දෙනා අතරින් 147 දෙනෙකුම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 99 දෙනෙකු, කළුතරින් ආසාදිතයන් 28 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් සංඛ්‍යාව 08දෙනෙකු වාර්තාවී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 07දෙනෙකු, මඩකලපුවෙන් රෝගීන් 06 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 04 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු වාර්තාවී ඇති අතර, පුත්තලම, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් වාර්තාවුණේ එක් ආසාදිතයෙකු බැගින්.

එමෙන්ම කොළඹ - කොටුව, මැනිං වෙළඳපල අවට ප්‍රදේශයේ පසුගිය දින දෙක තුළ සිදුකළ පී සී ආර් පරීක්ෂණ වලින් නාට්ටාමිවරුන් 67 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය දිනූකා ගුරුගේ සඳහන් කළා.   

මේ අතර බොරැල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු 40 දෙනෙකු කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

ඒ, බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වීමත් සමඟයි.

මේ හේතුවෙන් බොරැල්ල පොලිසියේ වැඩ ආවරණය සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවා තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් වාර්තාවන කොරෝනා ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 260 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් ආසාදිතයන් හතරදෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමඟයි.  

මේ අතර මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කොරෝනා මර්දන කටයුතුවලට සහභාගි වූ ඩෙංගු සහයක නිලධාරියෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

මොහු මීගහතැන්න - මහකළුපහන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.  

ගාල්ල දිස්ත්‍රික්කයේ වරායන් ආශ්‍රිතව මේ දක්වා සිදුකළ පී සී ආර් පරීක්ෂණ 5000කින් ආසාදිතයන් 24 දෙනෙකු හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි සඳහන් කළා.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ කාන්තාවකටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ඒකකය තාවකාලිකව වසා දැමීමටයි පියවර ගැනුනේ.  

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ සිදුකළ පී සී ආර් පරීක්ෂණ 163කින් 12 හැවිරිදි පාසල් සිසුවියකට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඇය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් වාර්තා වූ ආසාදිතයෙකුගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගි වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මෙරටින් මේ වනවිට කොරෝනා රෝගීන් 14,285 දෙනෙකු වාර්තා වන අතර ඉන් 8880 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මේ දක්වා මරණ 36ක් වාර්තා වී ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5370ක්.

කොරෝනා මරණ පසුගිය දින කිහිපය තුළ ඉහළ යාමත් සමඟ එම මරණ සමාලෝචනයට සෞඛ්‍ය අමාත්‍යාංශය කමිටුවක් පත් කර තිබෙනවා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top