බයිඩන්ගේ සුරතල් සුනඛයන් දෙදෙනාට රසික රසිකාවියෝ දස දහස් ගණනක්
Tuesday, 10 November 2020 - 12:17 | Views - 722
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇති ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ වැඩ භාරගත් පසු ඔහු සමඟ ධවල මන්දිරයට පැමිණීමට නියමිත සුරතලයට හදා වඩා ගන්නා ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් දෙදෙනා දැනටමත් සමාජ මාධ්‍ය ජාලාවල ජනප‍්‍රිය තරු බවට පත්ව තිබෙන බව වාර්තා වේ.
 
‘චැම්ප්’ හා ‘මේජර්’ යනුවෙන් නම් කර ඇති මෙම සුනඛයන් දෙදෙනාගේ නමින් ආරම්භ කර ඇති ට්විටර් ගිණුමේ සාමාජිකයන් වී සිටින ඔවුන්ගේ රසික රසිකාවියන් සංඛ්‍යාව දස දහස් ගණනකි.

මොවුන් අතුරින් ‘චැම්ප්’ බයිඩන් හට ලැබී ඇත්තේ ඔහු 2008 වසරේදී ඇමරිකානු උප ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු වන අතර ඒ වන විට එම සුනඛයා පොඩි පැටවෙකි.

‘මේජර්’ නව ජනාධිපතිවරයා වෙත ලැබී ඇත්තේ මෑතකදී ය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top