බයිඩන්ගේ සුරතල් සුනඛයන් දෙදෙනාට රසික රසිකාවියෝ දස දහස් ගණනක්
Tuesday, 10 November 2020 - 12:17 | Views - 723
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇති ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ වැඩ භාරගත් පසු ඔහු සමඟ ධවල මන්දිරයට පැමිණීමට නියමිත සුරතලයට හදා වඩා ගන්නා ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් දෙදෙනා දැනටමත් සමාජ මාධ්‍ය ජාලාවල ජනප්‍රිය තරු බවට පත්ව තිබෙන බව වාර්තා වේ.
‘චැම්ප්’ හා ‘මේජර්’ යනුවෙන් නම් කර ඇති මෙම සුනඛයන් දෙදෙනාගේ නමින් ආරම්භ කර ඇති ට්විටර් ගිණුමේ සාමාජිකයන් වී සිටින ඔවුන්ගේ රසික රසිකාවියන් සංඛ්‍යාව දස දහස් ගණනකි.
මොවුන් අතුරින් ‘චැම්ප්’ බයිඩන් හට ලැබී ඇත්තේ ඔහු 2008 වසරේදී ඇමරිකානු උප ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු වන අතර ඒ වන විට එම සුනඛයා පොඩි පැටවෙකි.
‘මේජර්’ නව ජනාධිපතිවරයා වෙත ලැබී ඇත්තේ මෑතකදී ය.
Share This Article