නිල් මැණිකකින් නිමවූ බුදු පිළිමයක් අලෙවි කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු අත්අඩංගුවට
Tuesday, 10 November 2020 - 11:23 | Views - 350
නිල් මැණිකකින් නිමවූ බුදු පිළිමයක් රුපියල් කෝටි ගණනකට අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු බුත්තල - රහතන්කන්ද ප්රදේශයේදී මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් 28 හැවිරිදි ප්රධාන සැකකරු එම ප්රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, අනෙක් පුද්ගලයා බඩල්කුඹුර ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.
මීට පෙර චීවරධාරියෙකු ඇතුලු සැකකරුවන් පස්දෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.
Share This Article