කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත මාර්තු මාසය වනවිට භාවිතා කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉඟියක්
Tuesday, 10 November 2020 - 11:02 | Views - 733
ලබන වසරේ මාර්තු වනවිට භාවිතයට ගත හැකි කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත දැනට පවතින කොරෝනා වසංගත තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී බෲස් අයිල්වර්ඩ් පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරන රටවල් 194ක අමාත්‍ය සමුළුවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන ෆයිසර් සහ ජර්මානු ජෛව තාක්ෂණ සමාගමක් වන බයෝ ඇන්ඩ් ටෙක් සමාගම් විසින් සොයාගෙන ඇති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත බොහෝදුරට සාර්ථක මට්ටමේ පවතින බවයි.
කෙසේ වෙතත් ඒ සඳහා තවදුරටත් පර්යේෂණ කටයුතු පවතින අතර, එය ලෝකයට බලාපොරොත්තු තබාගත හැකි මට්ටමේ පවතින බවද ඔහු පෙන්වා දෙනවා.
මේ අතර එම එන්නත භාවිතයෙන් සියයට අනූවක්ම වෛරසය අසාදනය වීම වළක්වා ගත හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රටවල් 6ක පුද්ගලයන් 43,500කට මෙම එන්නත ලබාදී අත්හදාබැලීම සිදු කළ ඇති අතර එය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව සඳහන්.
ඒ අනුව අදාල එන්නත මේ මස අවසානය වන විට භාවිතයට ගැනීමට කඩිනම් අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි අදාල සමාගම් ප්‍රකාශ කර ඇත්තේ.
Share This Article