අයි.පි.එල් අවසන් මහා තරඟය අද - සුපිරි තරඟය සදහා කණ්ඩායම් දෙකම සූදානමින්
Tuesday, 10 November 2020 - 10:28 | Views - 463
ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් වන අයි.පි.එල් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා .
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්හි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟය ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර ඒ සදහා මේ වන විටත් සියල්ල සුදානම් බවටයි විදෙස් මාධ්‍ය සදහා කරන්නේ .
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් පස්වන වරටත් අයි.පි.එල් කිරුළ ලබා ගැනීමට උත්සහ දරන අතර දිල්හි කැපිටල්ස් කණ්ඩායම තම ප්‍රථම අයි.පි.එල් කිරුළ ලබා ගැනීම සදහා උත්සහ දරනවා .
මෙම කණ්ඩායම් දෙකම මෙවර තරඟාවලියේ වැඩි දක්ෂකම් පෙන්වා තිබෙන බැවින් අවසන් මහා තරඟය ඉතා තියුණු සටනකින් යුක්ත වන බවටයි බොහෝ විචාරකයින් පවසන්නේ .
Share This Article