සීමාවන් සහිතව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය හෙට සිට විවෘත වෙයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සීමිත සේවක සංඛ්‍යාවක් යොදාගනිමින් හෙට සිට නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එසේම කොරෝනා වසංගත තත්වය සමග වසාදැමුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය තවදුරටත් වසා තැබෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කෙසේ වෙතත් එම කාර්යාලය හරහා සැපයෙන සේවාවන් යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල හරහා සැපයීමට මේ වනවිට පහසුකම් සපයා ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
අදාළ කාර්යාල සඳහා සේවා ලබාගැනීමට පැමිණීමට පෙර වේලාවන් වෙන්කරගතයුතු ආකාරය පහතින්.
