ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික ආහාරවලින් ලොවක් දිනූ පුංචි කෝකියා -[Photos]
Tuesday, 10 November 2020 - 9:16 | Views - 1,188
ඇය නමින් ජෝ(ර්)ජියා ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන අවුරුදු  11ක් පුංචි දියණියක්. ඕස්ට්‍රේලියාවේ පැවති මාස්ටර් චෙෆ් තරගාවලියෙන්  ඇය ජයගෙන  තිබෙනවා.

සිය තරඟාවලිය පුරාවටම මෙම දැරිය සඳා ඇත්තේ ශ්‍රී ලාංකීය ආහාර වර්ග.

ශ්‍රී ලාංකීය කාන්තාවක්  වූ සිය මිත්තණිය තමයි මේ සඳහා ඇයට සහාය දක්වා තිබෙන්නේ.

විනිශ්චය මණ්ඩලය පුදුම කරවා තිබුණේ,සුවද කහබතට, පෝර්ක් කරියක්,කජු කරියක්,වම්බටු කරියක්,‍රයිතා සලාදයක් හා පපඩමක් පිලිගන්වමින්.

මේ අවුරුදු 11ක දරුවෙක් හදපු කෑම වේලක්ද කියන එක කියන එක විනිශ්ච  මණ්ඩලයට අදහාගන්න බැරි වෙනවා.

තුනපහ ඇතුළු හැම දෙයක්ම හොදම පදමට දමා, ඇය කෑම වේල සකසාලා තියෙනවා. ඇය විසින් සැකසූ  අපූරු චොක්ලට් ටාර්ට් එක වගේම කොකනට් අයිස්ක්‍රීම් එක පවා ඔවුන්ව මවිත කරවනවා.

ඒ ආහාර රසවිදින්න ඇගේ මවත් එතන ඉන්නවා, ඇයට ඇයගේ මෑණියන්ගේ (ජෝජියාගේ මිත්තනියගේ) කෑම වල රස එතනදි මතක් වෙනව කියනවා. ලංකාවේ හැම අම්මා කෙනෙක්ගෙම කෑමේ රහස ජෝජියාත් ඇයගේ අත්තම්මගෙන් ඉගෙනගෙන තිබෙනවා.

ජෝජියා වැඩිදුරටත් පවසන්නේ,   මිත්තනිය කෑම සෑදීමේදී මෙෂර්මන්ට් භාවිතා කරන්නේ නැති බවත් තුනපහ වගේ දේවල් හිතේ මිම්මට දාන්නේ, හැබැයි ඒක හරියටම හරි, යනුවෙනුයි.

මෙම තරගය ජයගත් ජෝර්ජියා වෙත ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000ක මුදල් ත්‍යාගයක් හිමිකර ගැනීමටද හැකිවුණා.



උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

'Junior MasterChef Australia' winner

Image may contain: 1 person

'Junior MasterChef Australia' finalists Carter, Filo and Georgia with judges Melissa Leong, Jock Zonfrillo...

Final three: 'Junior MasterChef Australia' finalists Carter, Georgia and

Image may contain: food, text that says 'JUNIOR MasterChet pork curry,'
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top