ඔලිම්පික් පෙරහුරුවට ජිම්නාස්ටික් තරඟාවලියක්
Tuesday, 10 November 2020 - 8:57 | Views - 327
කල් දැමුණු ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබියදී ඒ සඳහා පෙරහුරුවක් වශයෙන් ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩකයින් 30 ක් ජපානයේ ටෝකියෝ හී පිහිටි ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී සංදර්ශනයක් ඉදිරිපත් කර තිබේ. එම සංදර්ශනය පේ්රක්ෂකයන්ට තහනම් විය.
කෝඩිව් 19 වසංගතය හමුවේ ජපානය සංචාරය කිරීමට සුදුසු රාජ්‍යයක් බවට පෙන්වීම අරමුණු කරගෙන මෙම ජිම්නාස්ටික් සංදර්ශනය පවත්වන ලදී. ඒවෙනුවෙන් ජපානයේ ඔලිම්පික් රන් පදක්කම් ලාභී කොහෙයි උචිමුරා සහ රුසියාවේ ලෝක ශූර නිකිටා නගෝර්නි මෙන්ම ඇමරිකාව, චීනය සහ රුසියාව යන රටවල ජිම්නාස්ටික් ශූරයන් සහභාගි වූහ.
‘පවතින සෞඛ්‍ය සීමාවන් යටතේ වුවද කී‍්‍රඩාව ආරක්ෂිතව සංවිධානය කළ හැකි බවට ඔබ ආදර්ශයක් සපයයි.’’ යනුවෙන් ඔලිම්පික් කමිටු සභාපතිවරයා මෙම ජිම්නාස්ටික් පෙරහුරු තරගය සම්බන්ධව සඳහන් කරයි. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11000 ක් පමණ සහභාගි වීමට නියමිතය.
Share This Article