ඇමරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් ධුරයෙන් පහ කෙරේ
Tuesday, 10 November 2020 - 8:23 | Views - 460
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එරට ආරක්ෂක ලේකම් මාක් එස්පර් සේවයෙන් පහ කර තිබෙනවා.
නව ආරක්ෂක ලේකම් ලෙස ත්රස්ත මර්දන ඒකකයේ වත්මන් ප්රධානී ක්රිස්ටෝපර් මිලර් වහාම පත් කෙරෙන බවයි ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ.
මාක් එස්පර් එම තනතුරෙන් ඉවත් කිරීමට ආසන්තම හේතුව වී ඇත්තේ මෑත සති කිහිපය තුළ ඔවුන් අතර සිදුවූ ප්රසිද්ධ ගැටුම්කාරී තත්වයන් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
පසුගිය නොවැම්බර් 3 වනදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ජයග්රහණය කළ අතර, ජනවාරි විසිවනදා තෙක් ජනපති ට්රම්ප් එරට ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇති.
Share This Article