සාර්ථක වන කොරෝනා එන්නත් මෙරට ජනගහණයෙන් සියයට විස්සකට ලබාදීමට WHO එකඟතාව
Tuesday, 10 November 2020 - 8:20 | Views - 421
කොරෝනා වෛසරය සඳහා සාර්ථක අත්හදාබැලීම් සිදුකරන එන්නත් සහ ඖෂධ මෙරට ජනගහණයෙන් සියයට විස්සකට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර තිබෙනවා.
ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ ගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
එම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ඇතුලු පිරිසක් එක්ව සිටියා.
කොරෝනා වෛරසයට එරෙහිව රටවල් තරගකාරී අත්හදාබැලීම් සිදුකරන අතර, මේ වනවිට සාර්ථක මට්ටමේ එන්නත් පහක් පමණ පවතින බවයි වාර්තාවන්නේ.
ඒ අනුව අදාළ එන්නත් සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරීම හා ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය ඇතුලු කරුණු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් විශේෂ කමිටුවක්ද පත් කරනු ලැබුවා.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් අතර ජාතික බෝ නොවන රෝග පිළිබඳ උපදේශක කමිටුව ද වන බව සඳහන්.
Share This Article