සාර්ථක වන කොරෝනා එන්නත් මෙරට ජනගහණයෙන් සියයට විස්සකට ලබාදීමට WHO එකඟතාව
Tuesday, 10 November 2020 - 8:20 | Views - 422
කොරෝනා වෛසරය සඳහා සාර්ථක අත්හදාබැලීම් සිදුකරන එන්නත් සහ ඖෂධ මෙරට ජනගහණයෙන් සියයට විස්සකට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ ගේ සහභාගිත්වයෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

එම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ඇතුලු පිරිසක් එක්ව සිටියා.

කොරෝනා වෛරසයට එරෙහිව රටවල් තරගකාරී අත්හදාබැලීම් සිදුකරන අතර, මේ වනවිට සාර්ථක මට්ටමේ එන්නත් පහක් පමණ පවතින බවයි වාර්තාවන්නේ.  

ඒ අනුව අදාළ එන්නත් සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරීම හා ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය ඇතුලු කරුණු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් විශේෂ කමිටුවක්ද පත් කරනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් අතර ජාතික බෝ නොවන රෝග පිළිබඳ උපදේශක කමිටුව ද වන බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top