හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුළුවීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම්
Tuesday, 10 November 2020 - 8:02 | Views - 873
දැනට හුදකලා කර ඇති ප්‍රදේශවලට ගමන් කිරීමට නිරෝධායන ඇඳිරි නීති බලපත්‍ර වලංගු නොවන බව පොලිස් මූලස්ථානය පවසනවා.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දැනුම්දී ඇත්තේ ඊයේ උදෑසන පහේ සිට බස්නාහිර පළාත ඇතුලු ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරුණද, කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන ඇතැම් ප්‍රදේශ හුදකලා කිරීමට කටයුතු කර ඇති බවයි.

එම ප්‍රදේශවලට හෝ ඒ හරහා සංචරණයට නිරෝධායන ඇඳිරි නීති බලපත්‍ර වලංගු නොවන බවයි ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

හුදකලා ප්‍රදේශ තුළ හෝ ඒ හරහා සංචරණය කිරීමට අවසර ලබාදෙන්නේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්. එම හුදකලා ප්‍රදේශ තුළ හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට සුවිශේෂී හේතූන් මත අවසර ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන්නේ නම් ආයතන ප්‍රධානීන් විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරල්වරයා වෙත ඉල්ලුම් පත්‍රයක් යොමුකළ යුතු වනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ලබාදෙන අවසරය මත සහ  එහි සඳහන් කොන්දේසිවලට යටත්ව පමණක් හුදකලා කර ඇති ප්‍රදේශ තුළ හෝ ඒ හරහා ගමන් කිරීමට ඉඩ ලබා දෙන බවටයි වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න දැනුම් දෙන්නේ.

මේ අතර බස්නාහිර පළාතේ ප්‍රදේශ හතරක් නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට ඊයේ පියවර ගත්තා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අඟුලාන උතුර සහ දකුණ යන ග්‍රාමසේවා සේවා වසම් දෙක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන සහ මහබාගේ යන පොලිස් වසම් මෙලෙස හුදකලා ප්‍රදේශ ලෙස නම් කළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.   

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුලුවීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.

එමෙන්ම හෙට සිට උතුර දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ මුත්තෙට්ටුගල යන දුම්රිය ස්ථාන මගීන් සඳහා විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

එහෙත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අගුලාන දුම්රිය ස්ථානය සහ පුත්තලම මාර්ගයේ කඳාන සහ කපුවත්ත යන දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට මේ වනවිට තීරණය කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top