පූජාපිටිය පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා
Monday, 09 November 2020 - 15:09 | Views - 406
මහනුවර - පූජාපිටිය ප්රජා පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
මෝදර පොලිස් ස්ථානයේ සේවය කර ඇති ඔහු, ස්ථාන මාරුවක් ලබා පසුගිය 3 වනදා පූජාපිටිය ප්රජා පොලිස් ඒකකයේ වැඩභාරගෙන ඇති අතර, ඊට පසුදින ඔහු නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන්.
ඒ අතරතුර සිදුකළ පී සී ආර් පරික්ෂණයේදී මෙම උප පොලිස් පරීක්ෂකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.
ඔහු මේ වනවිට ප්රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
Share This Article