ජල සම්පාදන මණ්ඩලයෙන් ජනතාවට දැනුම්දීමක්
Monday, 09 November 2020 - 13:58 | Views - 904
පවතින කොරෝනා වසංගතය හමුවේ වුවත් සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මනු කියවීම සහ බිල්පත් නිකුත් කිරීමට සිය නිවෙස් වෙත පැමිණෙන නිලධාරියාට සෞඛ්‍යාරක්ෂිතව ඔහුගේ රාජකාරිය සිදුකිරීමට ඉඩ ලබාදෙන ලෙසයි.
මනු සටහන්කරු සමඟ කතා කිරීම හෝ හමුවීම අවම කරන ලෙසත්, බිල්පත සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් එහි සඳහන් දුරකථන අංකයෙන් විමසන ලෙසත් එම මණ්ඩලය දැනුම් දෙනවා.
එමෙන්ම, www.waterboard.lk වෙබ් අඩවිය ඔස්සේ ද ජල බිල්පත් ගෙවිය හැකි බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.
Share This Article