ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් - කොළඹ මහනගර සභාවේ තවත් 14ක් ආසාදිතයින් වෙයි
Monday, 09 November 2020 - 13:17 | Views - 429
ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 510 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ආසාදිතයින් 199 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම, කොළඹ මහ නගර සභාවේ තවත් සේවකයින් 14 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට  ඊයේ තහවුරු වුණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු, සෞඛ්‍ය උපදේශකවරුන් 8 දෙනෙකු සහ සුළු සේවකයන් කිහිප දෙනෙකු ද ඒ අතරට අයත්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයන් 183 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 6ක්.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 12 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා.

එමෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 3 දෙනෙකු, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක් අයෙකු ද ඊයේ ආසාදිතයින් ලෙස වාර්තා වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 9 දෙනෙකු, බදුල්ල, අම්පාර, මොණරාගල, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ද වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් ඊයේ හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 72ක්.

එමෙන්ම, කිරුළපන පොලිස් ස්ථානයෙන් ද ආසාදිතයෙකු සොයා ගැනුණු අතර, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ පළාතේ පොලිස් ස්ථානවල කොරෝනා ආසාදනය වූ නිලධාරීන් සංඛ්‍යාව 256 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඉන් 6 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 250 දෙනෙකු පමණක් බව සඳහන්.

අවිස්සාවේල්ල - සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දෙදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මේ අතර, රෝගීන් හඳුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වේගවත් කිරීම සඳහා ගෙන්වූ උපකරණය මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ පිහිටි රසායනාගාරයේ ස්ථාපිත කළ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර කියා සිටියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top