මැනිං වෙළඳපොළේ උණුසුම් තත්ත්වයක්
Monday, 09 November 2020 - 8:45 | Views - 1,232
පිටකොටුව මැනිං පොදු වෙළඳපොළට එළවළු තොග රැගෙන ආ ගොවීන් ඇතුළු ව්‍යාපාරිකයින් පිරිසක් අද ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දුන්නේ එය වසා තැබීම හේතුවෙන්.
අද පෙරවරු 5ට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ මැනිං පොදු වෙළඳසැල ද යළි විවෘත කරන බව මීටපෙර ප්‍රකාශ කර තිබූ අතර ඒ අනුව ව්‍යාපාරිකයන් එහි පැමිණ සිටියා.
කෙසේ වෙතත්, පොලීසිය ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට මැනිං පොදු වෙළදසැලට පිවිසීමට ඉඩ ලබා නොදුන් අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.
පසුව ඇතැම් වෙළදුන් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග රැගෙන ගොස් ඇති අතර තවත් පිරිසක් ප්‍රධාන මාර්ගයේ විවිධ ස්ථානවල එළවළු අලෙවි කිරීමට පියවර ගත් බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article