මගේ ප‍්‍රමුඛතම කාර්යය රටේ පැතිරෙන කොරෝනා වසංගතය පාලනය කිරීමයි
Monday, 09 November 2020 - 8:34 | Views - 568
‘‘මේ වන විට එළඹ ඇත්තේ රට සුවපත් කිරීමේ කාලය බවත් දැනට ශීඝ‍්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරීම තම ප‍්‍රමුඛතම කාර්යය බව එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව සිටින ජෝ බයිඩන් සිය ජයග‍්‍රහණය ප‍්‍රකාශයට පත් වීමෙන් පසු ‘ඩෙලවෙයාර්’ ප‍්‍රදේශයේ පිහිටි සිය නිවෙස ඉදිරිපිට රැස්ව සිටි ආධාරකරුවන් අමතමින් සිදු කරන ලද ප‍්‍රථම කථාවේදී ප‍්‍රකාශ කර ඇත.
 
 තම බලාපොරොත්තුව ඇමරිකාව එක්සත් කිරීම මිස බෙදා වෙන් කිරීම නොවන බව පවසා ඇති බයිඩන් තමන්ට මෙවර ජන්දය ලබා නොදුන් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ අප එකිනෙකාට අවස්ථාව ලබා දීමට ක‍්‍රියා කරමු’’ යනුවෙනි.
 
සිය පරිපාලනය සැම විටම විනය, සාධාරණත්වය, විද්‍යා හා බලාපොරොත්තුව යන කරුණු සුරකිමින් කටයුතු කරන බවද ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වී සිටින බයිඩන් පවසා තිබේ.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන බයිඩන් ඉකුත් අඟහරුවාදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඇමරිකාවේ ප‍්‍රාන්ත 50කින් 46 ක ප‍්‍රකාශයට පත්ව ඇති ජන්ද විද්‍යාල ජන්ද 279 ක් දිනා ගෙන ජනාධිපති ධුරයට තේරීපත්ව සිටින අතර ඔහුගේ ප‍්‍රතිවාදියා වන වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් ලබා ඇත්තේ ජන්ද විද්‍යාල ජන්ද 214කි.

ඊයේ (08) ශ‍්‍රී ලංකා වේලාවෙන් සවස 4.30 වන විට තවත් ප‍්‍රාන්ත 04ක් ජන්ද විද්‍යාල ජන්ද ප‍්‍රකාශයට පත් වීමට නියමිතව තිබිණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top