ප්‍රතිදේහ කට්ටල ගෙන්විය යුත්තේ යෝග්‍යතාවයන් නිසි අයුරින් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි
Monday, 09 November 2020 - 7:52 | Views - 406
ප්‍රතිදේහ පරීක්ෂණ මෙරට සිදුකළයුතු බවට තීරණය කර ඇතිමුත් එය මෙරට භාවිත කිරීම කොතරම් යෝග්‍ය ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහන වෙත සජීවීව එක්වෙමින්.

එසේම එම ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටලයන් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මෙරටට ගෙන්වාගත හැකි බවද ඔහු සඳහන් කළා.

අනෙක් පියවර වන්නේ SPC ආයතනය මගින් ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව එම ටෙන්ඩර් තාක්ෂණික යෝග්‍යතාව ඇතුළු විවිධ පරාසයන් ඔස්සේ විශ්ලේෂණය කර විනිවිද භාවයකින් යුක්තව මෙරටට ගෙන්වීමයි.

එසේම මේ වනවිටත් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධාන වෙතින් එම කට්ටල ඉල්ලීමක් කර ඇති බවයි සෞඛ්‍ය අමත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කළේ.

මේ අතර අද දිනයේ බස්නාහිර පළාතට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමක් සිදුකල ද සෞඛ්‍ය අංශවල නිර්දේශයන් පිළිපැදීමට මහජනතාව නිරතුරුව කටයුතු කළ යුතු බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙම කොරෝනා රැල්ල පාලනය කිරීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

සායන මාර්ගයෙන් ඖෂධ භාවිත කරන රෝගීන් එම ඖෂධ නිවසට ගෙන්වාගැනීමට කටයුතු කළයුතු බවයි එහිදී ප්‍රකාශ කළේ.

මේ අතර නිවෙස් තුළ මියයන පුද්ගලයන් පිළිබඳව විද්‍යාත්මක නිර්ණායකයක් අවශ්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top