ප්‍රතිදේහ කට්ටල ගෙන්විය යුත්තේ යෝග්‍යතාවයන් නිසි අයුරින් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි
Monday, 09 November 2020 - 7:52 | Views - 407

ප්‍රතිදේහ පරීක්ෂණ මෙරට සිදුකළයුතු බවට තීරණය කර ඇතිමුත් එය මෙරට භාවිත කිරීම කොතරම් යෝග්‍ය ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහන වෙත සජීවීව එක්වෙමින්.
එසේම එම ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටලයන් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මෙරටට ගෙන්වාගත හැකි බවද ඔහු සඳහන් කළා.
අනෙක් පියවර වන්නේ SPC ආයතනය මගින් ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව එම ටෙන්ඩර් තාක්ෂණික යෝග්‍යතාව ඇතුළු විවිධ පරාසයන් ඔස්සේ විශ්ලේෂණය කර විනිවිද භාවයකින් යුක්තව මෙරටට ගෙන්වීමයි.
එසේම මේ වනවිටත් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධාන වෙතින් එම කට්ටල ඉල්ලීමක් කර ඇති බවයි සෞඛ්‍ය අමත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කළේ.
මේ අතර අද දිනයේ බස්නාහිර පළාතට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමක් සිදුකල ද සෞඛ්‍ය අංශවල නිර්දේශයන් පිළිපැදීමට මහජනතාව නිරතුරුව කටයුතු කළ යුතු බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඒ අනුව මෙම කොරෝනා රැල්ල පාලනය කිරීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
සායන මාර්ගයෙන් ඖෂධ භාවිත කරන රෝගීන් එම ඖෂධ නිවසට ගෙන්වාගැනීමට කටයුතු කළයුතු බවයි එහිදී ප්‍රකාශ කළේ.
මේ අතර නිවෙස් තුළ මියයන පුද්ගලයන් පිළිබඳව විද්‍යාත්මක නිර්ණායකයක් අවශ්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරන්නේ.
Share This Article