ඇමරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනපති තේරී පත්වෙයි
Sunday, 08 November 2020 - 8:18 | Views - 670

ඩිමෝක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් අමෙරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒල ඡන්ද පීඨ 538 අතරින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද පීඨ 270 සීමාව මීට සුළු මොහොතකට පෙර ඉක්මවා යාමට සමත් වීමත් සමඟයි.පෙන්සිල්වේනියා හා නේවාඩා ප්‍රාන්තවල ජය හිමිකරගත් ජෝ බයිඩ්න් මේ වනවිට ඡන්ද පීඨ 290කට හිමිකම් කියනවා.ඒ අනුව ජෝ බයිඩ්න් එරට 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වනු ඇති.අමෙරිකාවේ ඉදිරි සිව්වසර සඳහා වන නායකත්වය තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන 59 වැනි ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද අතුරින් 92%ක ප්‍රමාණයක් ගණනය කර අවසන්.ප්‍රතිඵල නිකුත්වීමට ඉතිරිව තිබූ නෙවාඩා. ජෝජියා. ඇලෙස්කා. උතුරු කැරොලිනා සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්ත මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරමුණ ගෙන සිටියා.ඡන්ද පීඨ ක්‍රමවේදයේ තීරණාත්මක ප්‍රාන්ත වන නේවාඩා, ජෝජියා සහ පෙන්සිල්වේනියා ප්‍රාන්තවල බහුතර ජනතා මනාප ලබා ගනිමින් ජනපති ට්‍රම්ප් පරදාපෙරමුණ ගැනීමට ජෝ බයිඩ්න් සමත් වුණා.2016 මැතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් පරාජයට පත්වූ පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙන් 28, 000 ඉක්මවූ වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමිකරගෙන පෙරමුණ ගැනීමට මේ වනවිට ජෝ බයිඩ්න් සමත් වී සිටිනවා.රිපබ්ලිකන් බල කණුවක් වන පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජෝ බයිඩ්න් උපත ලැබූ ප්‍රාන්තය ද වනවා.ඒ අනුව 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ජෝ බයිඩ්න්ට අවශ්‍යව ඇත්තේ තවත් ඡන්ද පීඨ 6ක් පමණයි.මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරන ඔහුගේ පුත් එරික් ට්‍රම්ප් ඇට්ලන්ටා හිදී පාක්ෂිකයන් ඇමතුවා.ජය කණුව අභියස රැඳී සිටින ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ප්‍රතිඵල ව්‍යාජ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිකුත් කළ ට්‍රම්ප්ට විරෝධය පාමින් ප්‍රාන්ත රැසක තවමත් විරෝධතා ක්‍රියාත්මකයි.මේ අතර කළු ජාතික කාන්තාවක් ජනපති අපේක්ෂක ජෝ බයිඩ්න් වැලඳ ගනිමින් ජයග්‍රහණයේ සතුට බෙදා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයන්ගේ සංසරණය වනවා.
Share This Article